Wetlands Environmental Chemistry
A Call for Unified Definitions and Classifications for Saltmarshes for Accurate Mapping of Extent: A Case Study From Sri Lanka
Abstract
Tropical saltmarshes have substantial ecological value but are often distributed in places where space is in demand, and as a result are cleared or degraded. Understanding their distribution and rates of loss requires good mapping, but their floristic diversity, occurrence amongst complex ecological mosaics, and occurrence in both tidal-influenced and isolated inland contexts challenge precise delineations and classifications. This study highlights ambiguities in the definitions and classifications of tropical saltmarshes. In addition, tropical saltmarsh mapping of the entire coastline of Sri Lanka was conducted using three approaches (object-based image classification, pixel-based image classification, and satellite embedding dataset with supervised classification), based on field survey data collected between 2024 and 2026. The review revealed a common conflation of inland and coastal (tidally-influenced) saltmarshes, leading to inconsistent extent estimates. Pixel-based image classification, object-based image classification and satellite embedding dataset with supervised classification yielded saltmarsh extents of 18,254.47 ha, 19,322.05 ha, and 20,827.17 ha, respectively. Field surveys focusing on succulent-dominated saltmarshes verified 16,636.19 ha. All three classification approaches estimated a coastal saltmarsh coverage of less than 0.35% of Sri Lanka, highlighting the need for greater governance to halt further loss. The study highlights the need for better definitions and classifications of coastal saltmarshes and urges the integration of vegetation, geomorphology, hydrology and climatic data to ensure coastal saltmarshes are segregated from inland saltmarshes. නිවර්තන කලාපීය ලවණ හැල් සඳහා සැලකිය යුතු පාරිසරික වටිනාකමක් ඇතත්, ඒවා බොහෝ විට සංවර්ධනය සඳහා දැඩි ඉල්ලුමක් පවතින ස්ථානවල ව්‍යාප්ත වී ඇති බැවින් නිතර ඛණ්ඩනය වීමට සහ හායනය වීමට ලක් වේ. ලවණ හැල් ව්‍යාප්තිය සහ විනාශ වීමේ සීඝ්‍රතාව අවබෝධ කර ගැනීම සඳහා විධිමත් සිතියම්කරණයක් අවශ්‍ය වේ. එනමුදු, වෙරළ කලාපයේ මෙන්ම රට අභ්‍යන්තරයේ පිහිටා තිබීම, ශාක විවිධත්වය සහ අනෙකුත් වෙරළ කලාපීය පරිසර පද්ධති සමග මුසු වීම වැනි කරුණු නිසා, ලවණ හැල් වර්ගීකරණයත්, ව්‍යාප්තිය නිර්ණය කිරීමත් සංකීර්ණ වේ. එලෙසම, නිවර්තන කලාපීය ලවණ හැල් සඳහා විවිධ අර්ථ දැක්වීම් සහ වර්ගීකරණයන් පැවතීම ද, ගෝලීය සංසන්දනයන් හි දී අභියෝගාත්මක තත්ත්ව ඇති කරයි. 2024 සහ 2026 යන කාලය තුළ රැස් කරන ලද ක්ෂේත්‍ර සමීක්ෂණ දත්ත මත පදනම්ව, දුරස්ථ සංවේදන දත්ත (චන්ද්‍රිකා ඡායාරූප) පරිගණක මෘදුකාංග හරහා විශ්ලේෂණය කර භූමිය අනුරූපණය කරන ක්‍රමවේද තුනක් (object-based image classification, pixel-based image classification, and satellite embedding dataset with supervised classification) යොදා ගනිමින් සමස්ත ශ්‍රී ලංකා වෙරළ තීරයේම, වෙරළබඩ ලවණ හැල් සිතියම්ගත කිරීම සිදු කරන ලදී. තවද, ඉන්දියන් සාගරයේ ලවණ හැල් වර්ගීකරණය පිළිබඳ ව පළ වී ඇති පර්යේෂණ පත්‍රිකා සහ අනෙකුත් ශාස්ත්‍රීය විමසුම් සමාලෝචනය කිරීම ද මෙම අධ්‍යයනයෙන් සිදු කරන ලදී. එහි දී අභ්‍යන්තර සහ වෙරළබඩ (උදම් බලපෑමට ලක්වන) ලවණ හැල් එකිනෙක මිශ්‍ර කර හඳුනාගැනීම බහුලව සිදුවන බව මෙම විමර්ශනයේදී අනාවරණය වූ අතර, ඒ හේතුවෙන් ඒවායේ වපසරියන් ඇස්තමේන්තුගත කිරීම් පරස්පර විරෝධී වී ඇත. Pixel-based image classification, object-based image classification and satellite embedding dataset with supervised classification යන අනුරූපණ ක්‍රමවේද තුන භාවිතය මඟින් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ලවණ හැල් වල වපසරිය පිළිවෙළින් හෙක්ටයාර 18,254.47 ක්, 19,322.05 ක් සහ 20,827.17 ක් ලෙස මෙම අධ්‍යයනය මඟින් ඇස්තමේන්තුගත කර ඇත. තවද, මාංශල ශාක ප්රමුඛ ලවණ හැල් කෙරෙහි අවධානය යොමු කරමින් සිදු කරන ලද ක්ෂේත්‍ර සමීක්ෂණ මඟින් එහි වපසරිය හෙක්ටයාර 16,636.19 ක් බව තහවුරු කරන ලදී. මෙම අනුරූපණ ප්‍රවේශ තුනෙන් ම ශ්‍රී ලංකාවේ වෙරළබඩ ලවණ හැල් ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් 0.35% කටත් වඩා අඩු බව ඇස්තමේන්තු කර ඇති අතර, තවදුරටත් සිදුවන විනාශය නැවැත්වීම සඳහා වඩාත් විධිමත් කළමනාකරණ ක්‍රමවේද වල අවශ්‍යතාව ඉන් අවධාරණය කෙරේ. එලෙසම, නිවර්තන කලාපයේ වෙරළබඩ ලවණ හැල් සඳහා වඩාත් නිවැරදි අර්ථ දැක්වීම් සහ වර්ගීකරණයන්හි අවශ්‍යතාව මෙම අධ්‍යයනයෙන් ඉස්මතු කරනු ලබන අතර, අභ්‍යන්තර ලවණ හැල් වලින්, වෙරළබඩ ලවණ හැල් පැහැදිලිව වෙන් කර හඳුනාගැනීම සහතික කිරීම සඳහා ශාක විවිධත්වය, භූ රූප විද්‍යාව, ජල විද්‍යාව සහ දේශගුණික දත්ත ඒකාබද්ධ කිරීමේ වැදගත්කමද මෙම අධ්‍යයනයෙන් අවධාරණය කරයි.